මහින්ද පිලට දැන් ජිනීවා හොඳයිලු

wimal.jpg - 48.91 Kbශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බරපතල අවධානමකට ලක්වී යහපාලනයේ මූලික පිළිවෙත් අහිමි වී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පිල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමට ඉක්මනින් දිනයක් දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පරුම, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ හා වාසුදේව නානායක්කාර මහත්වරු ලිපියක් මගින් ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා අතැයිද පැවසේ.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මෙම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ලෙස සිටිමින් පැවසූවේ ජිනීවා ගොස් කේලාම් කියන්නේ රටට හතුරු බලවේග බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්