පාර්ලිමේන්තුව නියෝජය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිල හෙවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායමේ පිරිසක් විමල් වීරවංසගේ හා ගම්මන්පිලගේ ක්රියා කලාපය හේතුවෙන් ඉන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට වීරවංස හා ගම්මන්පිල සූදානම් වීමත් සමග මෙම මන්ත්රීවරුන් මහින්ද පිලෙන් ඉවත්වීමට සූදානම් වන බව පැවසේ. මෙම කණ්ඩායමට මන්ත්රීවරුන් දහයටක ආසන්න පිරිසක් සිටින බව පැවසෙන අතර ඔවුන් සමග පසුගිය දින කිහිපයේ ශ්රීලනිපයේ ජ්යෙෂ්ඨයින් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
මේ බව සනාථ කරමින් ශ්රීලනිප භාණ්ඩාගාරික එස්.බී. දිසානායක ඇමතිවරයා ප්රකාශ කර ඇත්තේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අවබෝධය මත එම මන්ත්රී කණ්ඩායම සමග ශ්රීලනිප ජ්යෙෂ්ඨයින් සාකච්ඡා සිදු කළ බවය. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්රීලනිපය දෙකඩ කර හෝ තමන්ගේ දේශපාලන අනාථ භාවය වසා ගැනීමට වීරවංසට හා ගම්මන්පිල දරන උත්සාහය පරාජය කළ යුතු බවට එම කණ්ඩායමේ ස්ථාවරය වී ඇති බව පැවසේ.
පසුගිය අයවැයෙන් අනතුරුව රාජපක්ෂ පිල නියෝජනයක කරන ප්රබලයින් කිහිපදෙනෙකුම යහපාලන ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටී බව වාර්තා වූ අතර තවත් පිරිසකට මේ වනවිට දිස්ත්රීක් සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධූර ලබා දීමට එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ.









