දේශීය වගාකරුවන් ආරක්ෂා කරගන්න අනුර සහෝදරයා දිනවන්න යැයි ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එස්.එම්. පස්මින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (21) ගම්පොළදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපිත අපේක්ෂක අනුර දිසානායකගේ ජය තහවුරු කිරීමේ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එස්.එම්. පස්මින්,
අපේ ප්‍රදේශයට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන කුළුබඩු ගැන කෙටියෙන් අදහස් දක්වන්න මම කල්පනා කරනවා. යන යකා කඩාගෙන යනවා වාගේ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් ගම්මිරිස් සහ කරුංකා කන්ටේනර් ගණන් ගෙනැවිත් තිබෙනවා. ගම්පොළ ආසනය කියන්නේ ගම්මිරිස්, කරාබුනැටි, කරුංකා බහුලව තිබෙන ප්‍රදේශයක්. ගම්මිරිස් මිල රුපියල් 2300, 2400 දක්වා ඉහළ ගියා. කරුංකා රුපියල් 1300ට ගියා. අද වෙන කොට රුපියල් 750ට වැටිලා. ගම්මිරිස් රුපියල් 1200ට වැටිලා.
ඒකට හේතුව බැඳුම්කර කොල්ලයට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් මේ කුළුබඩු ගෙන්වීමයි. ගම්මිරිස් ප්‍රතිඅපනයනය නවත්වා දේශීය වගාකරුවන් ආරක්‍ෂා කිරීමට මාලිමා රජයක් යටතේ කටයුතු කරනවා. එහි ආරම්භක පියවර ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීමට අපි හැම දෙනාම කැප වී කටයුතු කරනවා.











