NEM IHR වෙතින් මැතිවරණ දෙපාර්තමේන්තුවට, මහජනතාවට, මාධ්‍යයට පැසුසම්

2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ පූර්ව මැතිවරණ ක‍්‍රියාවලිය මීට පෙර පැවති සියලු මැතිවරණ හා සන්සන්දනය කිරීමේදී යහපත් හා සාධනීය ලක්ෂණ ඉස්මතු වූවක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් NEM IHRහි අදහස යැයි එම සම සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ල පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ රජයේ නිලධාරින් මැතිවරණ නීතිය ක‍්‍රියාත්මක කිරීමට දරන ලද උත්සාහයට මහජනතාවගෙන් සහ මාධ්‍ය මගින් ලැබුණ සහයෝගය ඒ සඳහා දායකවු බවත් මෙම තත්ත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සියලු පාර්ශවයන් සතු වගකීමක් බවත් මෙවර මහ මැතිවරණයේ පවතින තරඟකාරීත්වය හේතුවෙන් ඒ කෙරෙහි ජනතාවගේ උනන්දුව ඉතා ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය වූ බව ඔවුන් සඳහන් කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්