සංස්කෘතික කප්පාදුවට එරෙහිව එකමුතුව සටන් වැදීමට එක් වන්නැයි ජන නියමු කලාකරුවෝ සංවිධානයේ කාරක සභික සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර කලාකරුවන්ගෙන් සහ රසිකයින්ගෙන් ඉල්ලා සිටී.
ඔහු මෙලෙස ආරාධනා කර සිටියේ බත්තරමුල්ල පැලවත්තහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ජන නියමු කලාකරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර,
“රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ සංස්කෘතික මිනිසෙකුගේ පැවැත්ම අහෝසි කෙරෙනවා. යම් බුද්ධියක් ඇති, සංවරයක් සහිත, රට සහ ලෝකය ගැන සිතන පතන, තොරතුරු සොයන සාකච්ඡා කරන සහ සන්නිවේදනය කරන අය සංස්කෘතික මනුෂ්‍යයන් ලෙස හඳුන්වනවා.
ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන ආණ්ඩුවලට එවැනි පුද්ගලයන්ගේ පැවැත්ම ලොකු බාධාවක්. ඒ බාධාව ඉවත් කර ගැනීමට පුද්ගලයෙකුගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කරන්න මේ දක්වා ලැබුණු අවම රාජ්‍ය අනුග්‍රහය පවා අහෝසි කරමින් සිටිනවා. එහි පියවරක් ලෙස ‘ග්‍රන්ථ සංවර්ධන ආධාර ව්‍යාපෘතිය’ සම්පූර්ණයෙන්ම නවතා දමලා. සංස්කෘතික දෙපාර්තමේන්තුව ලේඛන කලාව දිරිගැන්වීමේ අරමුණින් පවත්වාගෙන ආ රාජ්‍ය සේවක නිර්මාණ තරගය වැනි කටයුතු නවතා දමලා.
අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් සාහිත්‍ය සහ ඉතිහාසය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කර තිබුණා. ජේ.ආර් ජයවර්ධනගේ පාලන සමයේදී පටන් ගත් ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ තවත් තීව්‍ර කරමින් බොහෝ දේ සම්පූර්ණයෙන් අහෝසි කර තිබෙනවා.
උදාර සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් ක්‍රියාකරන ජන නියමු කලාකරුවෝ සංවිධානය මේ ක්‍රියාවලිය හෙළා දකිනවා. මේ තත්වය වෙනස් කර ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙස සියලුම කලාකරුවන්ගේ සහ රසික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.”










