video: මත් ද්‍රව්‍ය චෝදනා නැත්තේ ජවිපෙට පමණයි

මත් ද්‍රව්‍ය චෝදනා නැති අපේක්ෂකයන් ඉන්නේ ජනතා විමුක්‍ති පෙරමුණේ පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නාමයෝජනා මණ්ඩලවල ඇති විනය අනිකුත් පක්ෂත් ඇති කර ගත යුතු බවත් රංජන් රාමනායක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ අයට නාමයෝජනා ලබාදීමේන් වැලකී සිටින්නැයි පැෆරල් සංවිධානය සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සියළු පක්ෂවලින් ඉල්ලා සිටියත් පක්ෂවලින් දැනටමත් එවැනි අයට අපේක්ෂකත්වය ලබා දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි අපේක්ෂකයන්ට නාමයෝජනා ලබා දී ඇත්දැයි මාධ්‍ය වේදියෙකු විමසූ විට ඒ මහතා මෙම පුකාශය සිදු කර ඇත්තේ අද (08) සිරිකොත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්