යහපාලන ආණ්ඩුව මගින් ලබා දෙනවැයි කිවු රුපියල් දෙදහස් හත්සිය පනහක (රු. 2,750) මාසික දීමනාව හා මාස 6ක දිමනා ලබා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් සමස්ත ලංකා පෙරපාසල් ගුරැවරුන්ගේ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (08) අනුරාධපුර නගරයේදී පැවැත්වින.
මේ සදහා පෙරපාසල් ගුරුවරියන් විශාල පිරිසක් සහබාගී වී සිටි අතර එයට අයිතී උදෙසා කාන්තාවෝ සංවිධානයද එක් වී තිබේ.






















