“ලිස්ටීරියා” වසංගත තත්වයක් නැහැ – වෛද්‍ය සමිත ගිනිගේ

“ලිස්ටීරියා” වසංගත තත්වයක් නැහැ – වෛද්‍ය සමිත ගිනිගේ

ලිස්ටීරියෝසිස් යනු බැක්ටීරියාවකින් ඇතිවෙන රෝගී තත්වයක් බවත් මෙය වසංගත තත්වයකට යනු ඇතැයි අනියත බියක් ඇති කරගත යුතු රෝගී තත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.

මෙය සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරීම සිදුවන්නේ ආහාර මඟින් බවත් එම බැක්ටීරියාවට ආහාර නිරාවරණය වීමෙන් පසු එය ආහාරයට ගත් විට මෙම රෝගය පැතිරිය හැකි බවත් වෛද්‍ය සමිත ගිනිගේ අනාවරණය කරයි.

තමන් ගන්නා ආහාර හා ජලය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

Facebook
Twitter
LinkedIn