මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා සල්ලි දෙනකම් දෙන්න බැහැ – මුද්‍රණාලයාධිපතිනි

මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා සල්ලි දෙනකම් දෙන්න බැහැ – මුද්‍රණාලයාධිපතිනි

ඊට අදාල මුදල් ලබා දෙනතුරු, දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මැතිවරණ කොමිෂන් සභාවට අද (17) දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැතැයිද ඇය පවසයි.

Facebook
Twitter
LinkedIn