මහින්ද උගන්ඩාවටත් දොලපිදෙණි දිලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් අනුමැතිය සහිතව උගන්ඩාව වෙත රුපියල් කෝටි 170ක මුදලක් ලබා දුන් බව සඳහන් කර ඇතත් එම මුදල ලබා දුන්නේ කුමන කටයුත්තක් වෙනුවෙන්ද යන්න පිළිබඳව කිසිඳු සඳහනක් නොමැත. ඒ පිළිබඳව බරපතල සැකයක් මතුවී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රශ්න කර ඇති අතර එයට පිළිතුරු ලබා දී ඇති මුදල් රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ” අරමුණ නොදනී. නිෂ්ඵල ක්‍රියාවකි ” යනුවෙනි.

කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙම මුදල් සෘජු කොන්ත්‍රාත් ක්‍රමය යටතේ 2013 වසරේ අප්‍රේල් මස 09 වන දිනෙන් පසුව ලබා දී තිබෙන්නේ වී. එස්. කන්ස්ට්‍රක්ෂන් නම් සමාගමක් හරහා වන අතර අවස්ථා කිහිපයකදී එම සමාගමට මුදල් ගෙවීම් කර ඇති බව හෙළිවේ. අවස්ථා දෙකකදී ඇමෙරිකානු ඩොලර් 156,827ක් හා ඇමෙරිකානු ඩොලර් 94,000ක්  වශයෙන් ඩොලර් 250,827ක් ගෙවා ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන් කෝටි විසිහය ලක්ෂයකට (32,600,000) අධික වේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමාගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මහජන මුදල් කෝටි ගණන් නාස්තිකාර ලෙස වියදම් කිරීම් පිළිබඳව තොරතුරු මේ වනවිට හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්