පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරම්භ කරන ලද ග්රෑන්ඩ් හයට් ෆ්රැන්චයිස් හෝටල් ව්යාපෘතියේ මුල් වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 1350ක සිට පසුව රුපියල් කෝටි 6,000ක් දක්වා ඉහල දමා ඇතත් එය සම්පූර්ණ නොකිරීම පිළබිඳව කරුණු අනාවරණය වී ඇත.
ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නවතම කෝප් කමිටු වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය වේ. අදාළ හෝටල් ඉදිකිරීම් ව්යාපෘතිය 2014 වසරේදි නිම කිරීමට සැලසුම් කර තිබී ඇත. එහෙත් එය මේ දක්වා නිම කර නැති අතර වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 6,000ක් වීම පිළිබඳව කරුණු කෝප් කමිටුව විසින් විමර්ශනය කර තිබේ.
එහිදී අවසන් වශයෙන් හෙළිවී ඇත්තේ මෙම ව්යාපෘතිය පිළිබඳ වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති විසින් කොමිස්මක් පත්කර ඇති බවය.

පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටු) පළමු වාර්තාව – චරිත හේරත් විසින් 2022 මාර්තු 08 දින ඉදිරිපත් කරන ලදී.










