පාර්ලිමේන්තු කැන්ටිමේ කිරි නැතිවී මන්ත්‍රී පිරිසක් යකා නටති

පාර්ලිමේන්තු කැන්ටිමේ කිරි නැතිවී මන්ත්‍රී පිරිසක් යකා නටති

මිල්කෝ සමාගමෙන් ඇනවුම් කරන ලද දියර කිරි සහ පාර්ලිමේන්තු කැන්ටිමට අවශ්‍ය වෙනත් ආහාර පාන නොලැබී ඇති අතර එයින් උරණ වූ මන්ත්‍රීවරු පිරිසක් යකා නටා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තත්වය ඊයේ (8) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ උද්ගතවී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි. පාර්ලිමේන්තු කැන්ටිම තුළ ආහාර ද්‍රව්‍ය සහ දියර කිරි නොතිබීමෙන් මෙසේ කළහකරන මන්ත්‍රීවරු මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින අතිශය බරපතළ මූලික ගැටළු කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකරන ආණ්ඩුවේ පිරිසක් බව අනාවරණය වේ.

ලංකාදීප පුවත්පත පාර්ලිමේන්තුවේ ආහාර සැපයීම් අංශයේ උසස් නිලධාරියෙකුගෙන් මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම පිළිබඳව කරුණු විමසා ඇත. සැපයුම්කරුවන් විසින් මාසයකට ආසන්න කාලයක් තුළ අදාළ ද්‍රව්‍ය සපයා නැති බව එහිදී අනාවරණය වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්