නීතිපති තානාපති කිරීමේ ජනාධිපති යෝජනාව දප්පුල ප්‍රතික්ෂේප කරයි

නීතිපති තානාපති කිරීමේ ජනාධිපති යෝජනාව දප්පුල ප්‍රතික්ෂේප කරයි

වත්මන් නීතිපති දප්පුලද ලිවේරා මහතා ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ යෝජනාව එතුමා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, ‘තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්, එහෙත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවත් ය.’ යනුවෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්