ශ්රී ලංකාව වෙත ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
පසුගිය දින කිහිපයක සිට සෞඛ්ය අංශ මෙන්ම විවිධ පාර්ශවවලින් මේ සම්බන්ධයෙන් අදහස් පළකරනු ලැබූ අතර ඔවුන් අවධාරණය කර සිටියේ කඩිනමින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත යුතු බවයි. එසේම පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූයේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වා හෝටල් තුළ නිරෝධායනය කරවීමේ ජාවාරමක් ක්රියාත්මක වෙමින් පවතින බවයි.










