උතුරේ ජනතාව මහා විරු දිනය සැමරීම තුළින් රටේ නීතිය කඩවීමක් සිදුව නැතැයි නව ආරක්ෂක ලේකම් විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
කෙසේ නමුත් පසුගිය දිනව රටේ ප්රධාන විද්යුත් සහ මුද්රිත මධ්ය සිල්ලේම වාර්තා කර තිබුණේ ආණ්ඩුව මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් එම තහනම නොතකා උතුරේ මහා විරු දිනය සැමරූ බවයි.
කෙසේ නමුත් ආරක්ෂක ලේකම් විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද (30) උදෑසන ශ්රී දළදා මාළිගාව පැමිණි අවස්ථාවේ මාධ්යවේදීන් ගැනූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පවසා ඇත.
එහිදී ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ රජයක් ලෙස මර්ධනකාරි පිළිවෙළක් අනුගමන් කිරීමේ අවශ්යතාවයක් නැති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක සකස් කරන බවත්ය.










