අද (27) වනවිට බීමත්ව රියපැදවූ රියදුරන් 797දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි රථවාහන පොලීසිය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ බීමත්ව රියපදවන්නන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර පැය 48ක කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.
කෙසේ නමුත් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර පැය 24ක පමණ කාලයක් ගෙවී යාමටත් පෙර පසුගිය 25වනදා බීමතින් යතුරු පැදියක් පදවාගෙන ගිය පුත්තලම පොලිසියේ දූෂණ මර්දන අංශයේ උප-පොලිස් පරීක්ෂකවරයකු සිදුකළ අනතුරකින් වයස අවුරුදු හතරහමාරක පිරිමි දරුවකු තුවාල ලැබීය.
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ විසූ අස්මිත ශ්රීලාල් ගුණරත්න නම් එම දරුවා මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති අතර එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.









