පකිස්තානයත් ගිණියම් වෙයි මරණ 700 පනී

දින කිහිපයක සිට පකිස්තානයට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 700කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පකිස්තානයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 45ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසේ.

මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කර ඇති බැවින් ඔවුන් ජලය පානය කිරීමෙන් වැළකී සිටින අතර එය මරණ සංඛ්‍යාව ඉහළ යෑමට දැඩිව බලපා ඇතැයි පැවසේ. අධික උෂ්ණත්වයත් සමග වායු සමීකරණ හා විදුලි පංකා වැඩිපුර ක්‍රියාත්මක කිරීම නිසා මේ වනවිට විදුලිය සැපයීමද අර්බුදයක් බවට පවත්ව ඇතැයි වාර්තා වේ. ඊට පිලියම් සැපයීම සඳහා පකිස්තානු හමුදා මේ වනවිට තාප මධ්‍යස්ථාන ආරම්භ කරමින් උෂ්ණත්වය පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

මිය ගිය අයගෙන් බහුතරය අඩු ආදායම්ලාභී පවුල්වල වයස්ගත පිරිස් බව පැවසේ. ඉදිරි දිනවලදීද උෂ්ණත්වය දැඩිව බලපානු ඇති බවත් මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවත් පකිස්තාන බලධාරීන් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්