අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් ශ්රී ලංකා රජරට විශ්වවිද්යාල සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්යග්රහයට අදට (17) දින 70ක් ගතවන අතර සත්යග්රහය විසුරුවා හැරීමට අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය මගින් ලබා දී තිබෙන නියෝගය ඉවත් කර ගැනීම සහ සත්යග්රහයේ නිරතව සිටියදී ඉකුත් 13 වැනිදා මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරින ලද සිසුන් අටදෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කර ගැනීමේ අරමුණෙන් එම සිසුන් අද එම අධිකරණයට යාමටද නියමිතය.
එම සිසුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ සිසුන්ගේ නිශ්චිත ප්රශ්නවලට පිළිතුරු සපයනවා වෙනුවට ආණ්ඩුවත් විශ්වවිද්යාල පරිපාලනයත් එක්ව සිසු ජීවිත බිල්ලට දෙමින් සිටින බවයි.
එම නිවේදනය පහතින් පළ වේ.
“අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් ශ්රී ලංකා රජරට විශ්වවිද්යාල සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්යග්රහයට අදට (17) දින 70 කි. නමුත් අදාළ කිසිඳු ගැටලුවකට විසදුම් දීම වෙනුවට විශ්වවිද්යාල පරිපාලනය සිසු ජීවිත පවා අවධානමට ලක් කරමින් කටයුතු කරන්නේ මෙරට වත්මන් ආණ්ඩුවේ දේශපාලන වුමනාවන් ඉටු කිරීමේ පරමාර්ථයෙනි.
ඒ අනුව මෙරට ආණ්ඩුව කටයුතු කලේ විශ්වවිද්යාල පරිපාලනය යොදා ගනිමින් බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් සත්යග්රහය නැවත්වීම උදෙසා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කිරීමය. නමුත් ඒ හරහා සිසු ගැටළු කිසිවකට මෙතෙක් පිළිතුරු ලැබී නොමැත. මෙම සත්යග්රහය ආරම්භ කල පසු ගැටළු විසදීම වෙනුවට අපට ලබා දී ඇති දේ මෙසේයි.
නමුත් අදාළ කිසිඳු ගැටලුවකට විසදුම් දීම වෙනුවට විශ්වවිද්යාල පරිපාලනය සිසු ජීවිත පවා අවධානමට ලක් කරමින් කටයුතු කරන්නේ මෙරට වත්මන් ආණ්ඩුවේ දේශපාලන වුමනාවන් ඉටු කිරීමේ පරමාර්ථයෙනි.
ඒ අනුව මෙරට ආණ්ඩුව කටයුතු කළේ විශ්වවිද්යාල පරිපාලනය යොදා ගනිමින් බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් සත්යග්රහය නැවත්වීම උදෙසා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කිරීමය. නමුත් ඒ හරහා සිසු ගැටළු කිසිවකට මෙතෙක් පිළිතුරු ලැබී නොමැත. මෙම සත්යග්රහය ආරම්භ කළ පසු ගැටළු විසදීම වෙනුවට අපට ලබා දී ඇති දේ මෙසේයි.
සිසුන් 30 කට අධික පිරිසකට බොරු චෝදනා ඉදිරිපත් කරමින් දෙමාපියන් ගෙන්වා බිය වැද්දීම හා තර්ජනය කිරීම.
බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් මහා ශිෂ්ය සංගමයේ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීම.
සාමකාමීව සත්යග්රහයේ යෙදී සිටි සිසුන් 8දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම. (ඔවුන්ට රුපියල් 50000 බැගින් ශරීර ඇප නියම කෙරිණ)
අවස්ථා දෙකකදී පොලිසිය සත්යග්රහයට පහරදීමට උත්සාහ කිරීම.
මේ වනවිට මෙම අරගලය සඳහා වෘත්තීය සමිති, බහු ජන සංවිධාන රැසක සහය ලැබී ඇත. අදාල ප්රශ්නයට විසඳුම් දීම වෙනුවට සිසු ජීවිත තවදුරටත් බිලි දීමේ වගකීම මෙරට ආණ්ඩුව සහ විශ්වවිද්යාල පරිපාලනය භාර ගත යුතුය.”











