ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම අද (02) පස්වරු 2ට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පොළොන්නරුව – කඳුරුවෙල – රජරට නවෝද්යා ක්රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම සංවත්සර උත්සවයට සහභාගි වන ලෙස පක්ෂයේ හිටපු නායකයන් වන කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ආරාධනා කර ඇති බව සදහන්.









