ආණ්ඩුව විසින් 2014 වසර සඳහා අය-වැයේදී ගොවි ජනයාට ලබාදුන් ගොවි විශ්රාම වැටුප් හිමිවන වයස් සීමාව අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරි සතියේදී තවත් පැමිණිල්ලක් ගොනු කිරීමට නියමිතය.
ගොවි ජනතාවගේ ගොවි විශ්රාම හිඟ වැටුප් මුදල් ලබාදීම සඳහා මුදල් වෙන් නොකිරීමත් හා ඒ මඟින් ගොවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම හේතුවෙන් මේ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ ගොනු කිරීමට නියමිත බව එම සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසයි.
එම සම්මේලනය මීට ඉහතදීද (2013.03.21) ගොවි විශ්රාම වැටුප් ලබා නොදීම සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිසම වෙත ආණ්ඩුවට එරෙහිව පැමිණිල්ලක් ගොනු කෙළේය.









