විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට උසස් පෙළ උත්තර පත්ර ඇගයීම් කටයුතු මුළුමණින්ම නතරවී ඇත.
මේ පිළිබඳව උසස් අධ්යාපන ඇමති එස්.බී. දිසානායක මහතාත් අධ්යාපන අමාතාත්යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතාත් මාධ්ය වෙත අදහස් දක්වා තිබුණි.
ඒ අනුව එස්.බි. දිසානායක මහතා පසුගිය දිනවල කියා සිටියේ උසස් පෙළ උත්තර පත්ර ඇගයීම් කටයුතු සඳහා විශ්වවිද්යාල ආචාර්යවරුන් 60 දෙනෙකු කැමැත්ත පළකර ඇති බවයි.
නමුත් ඊයේ (29) දිනයේදී අධ්යාපන අමාත්යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පවසා ඇත්තේ විශ්වවිද්යාල ආචාර්යවරුන් 50 දෙනෙකු උසස් පෙළ උත්තර පත්ර ඇගයීම සඳහා විභාග කොමසාරිස්වරයා වෙත කැමැත්ත ප්රකාශ කර ඇති බවයි.









