60වැඩි අය ගන්න බැහැ… කොරෝනා ආසාදිත මවක් ආපසු නිවසට යවලා… උපුල් රෝහණ

60වැඩි අය ගන්න බැහැ… කොරෝනා ආසාදිත මවක් ආපසු නිවසට යවලා… උපුල් රෝහණ

වයස අවුරුදු 60 ඉක්මවූ අය භාර ගැනීමේ හැකියාවක් නොමැති බව පවසා කොවිඩ් ආසාදිත මවක් යළි නිවසට ගෙනවිත් දැමීමේ සිද්ධියක් වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපත් උපුල් රෝහණ පවසයි.

කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමට නොහැකිව නිවෙස් තුළ රැඳී සිටින බවද ඔහු සඳහන් කරයි.

එලෙස රැඳීසිටින පිරිස් යම් සංකූලතා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් තම සංගමය වෙත දැනුම්දෙන ලෙසද ඔහු ජනතාවට දැනුම්දෙයි.

“පසුගිය දින කිහිපයේ බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රකාශ වුණේ ධාරිතාවය ඉක්මවා ඇති බැවින් ඇතුළත් කර ගැනීමේ ගැටලු තියෙනවා කියලා. වයස 60 ඉක්මවූ අය භාර ගැනීමේ හැකියාවක් නැහැ කියලා ඊයේ (17) දිනයේ කෑගල්ල ප්‍රදේශයේ නිදන්ගත රෝග රාශියක් සහිත මවක් ආපසු නිවසට ගෙනවිත් දාලා තිබුණා.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්