
ත්රිවිද හමුදාව, ත්රස්තවාදයෙන් රට මුදවාගැනීම අනුස්මරණය කෙරන හමුදා පෙළපාලිය 2012-05-19 වන දින ගාලූ මුවදොර පිටිය ආශ්රිත මාර්ගයේ දී පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පවසයි.
එම පෙළපාලියට අදාළ පෙරහුරුව 2012-05-14/15/16/17/18 යන දින වල පැවැත්වෙන බැවින් ඉහත දිනයන්හි උදෑසන 6.30 සිට සවස 4.30 දක්වා කාලය තුළ ගාලූ පාරේ ගාලූ මුවදොර ක්රීඩාංගනය ආශ්රිත මාර්ගයේ ගාලූ මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තුව අසළ ඇති වටරවුම (N.S.A. වටරවුම) දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබීම හෝ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකෙරෙනු ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව පහත විකල්ප මාර්ග භාවිතා කළ හැකි බව ද පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාලූ පාරේ පැමිණ කොටුව පිටකාටුව දෙසට යන වාහන කොල්ලූපිටිය වට රවුමෙන් හෝ ගාලු මුවදොර වටරවුමෙන් දකුණට හැරී ගමන් කළ හැකි බවත් කොටුව දෙසින් ගාලූ පාරට ගමන් කරන වාහන සෙරමික් හන්දියෙන් වමට හැරී චිත්ම්පලම් ඒ ගාඩිනර් මාවත ඔස්සේ ගමන් කළ හැක.
එසේම එම පෙළපාලිය පැවැත්වෙන 19 වන දින විශේෂ රථවාහන සැලැස්ම පසුව දැනුම් දෙන බවද පොලීසිය කියා සිටියි.
අද (14) පෙරවරුවේ එම ප්රදේශයේ දැඩි වාහන තද බදයක් පැවති බව ද වාර්තා විය.









