මොරගහකන්ද මහවැලි ව්යාපාරය නිසා ඉඩම් අහිමිවූ ගම් 6ක වැසියෝ ඇලහැර – නාවුල ප්රධාන මාර්ගය මොරගහකන්ද මංසන්ධියෙන් අවහිර කරමින් අද (27) පෙරවරුවේ උද්ඝෝෂණයක් අරඹා තිබේ. උදේ 09.00ට පමණ ඇරඹි මෙම උද්ඝෝෂණය මෙ වනවිටත් පැවැත්වෙමින් තිබේ.
ඊට එක්වූ දහසකට අධික ගම්වැසියන් පවසනුයේ ඔවුන්ට වහාම වන්දි ගෙවන ලෙසයි.
ලී කොට දමා පාර හරස්කොට ඇත. පාර දෙපැත්තේම දිගු වාහන පෝලිම් දක්නට ලැබේ. බොහෝ රථවාහන විකල්ප මාර්ග භාවිතා කරමින් සිටී.









