ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල් යයි

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත්කරනු ලැබූ ඇප අයදුම්පත අද(19) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබූ අතර එය සලකා බැලීමේ කටයුතු එළඹෙන 22වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබේ.

හෝමාගම අධිකරණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත්  එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන මරණීය තර්ජන එල්ලකිරීමේ චෝදනාව යටතේ වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයක සිර දඬුවමක් සහ වන්දි නියම කරමින් පසුගිය 14 වැනිදා නඩු තීන්දුව ප්‍රකාශ කෙරුණි.

15 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කරමින් ඥානසාර හිමියන් පවසාසිටියේ විත්තිකාර පාර්ශවය විසින් ඉදිරිපත් කරනලද කරුණු හරි හැටි විමසීමකින් තොරව වැරදි පදනමක සිට තමා වරදකරුවෙකුකර දඬුවම් නියමකර ඇති බවය. එබැවින් මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ඉවත දමා තමා නිදොස්කොට නිදහස් කරනමෙන් ඉල්ලා  අභියාචන පෙත්සම ගොනුකර තිබිනි.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබූ අතර අද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැමිණ නොසිටි බැවින් ඇප අයදුම්පත සලකා බැලීම ලබන 22 වනදා දක්වා කල් තබන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්