කෝටි 5,000ක සල්ලි අච්චුගසයි

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ආණ්ඩුව රුපියල් කෝටි 5000ක “සල්ලි අච්චු ගැසීම”ට සූදානම් වන බව මාධ්‍ය මගින් හෙළි කර තිබේ.

රටක පවත්නා ජාති නිශ්පාදිතයට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් මුද්‍රණය කිරීමෙන් බරපතල ආර්ථික ප්‍රතිවිපාක ගණනාවක් අත්වේ. එහි මූලිකම ප්‍රශ්නය වන්නේ උද්ධමන වේගය වැඩිවීමය. එමෙන්ම විදේශ විනිමය අනුපාතිකයන් තීරණය වීමේදී එම රටේ මුදල බාල්දු වීමද සිදු වේ.

මේ වනවිටද ඩොලරටය සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙමින් ඩොලරයක් ගැනීමය සඳහා රුපියල් 135ක් ගෙවීමට සිදුව ඇත. “සල්ලි අච්චුගැසීම” නිසා මෙය රුපියල් 140ද ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇඟවේ. එමෙන්ම මේ වෙනවිට ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණයේ රුපියල් වටිනාකමද වේගයෙන් ඉහළ යාමක් සිදු වේ.

පසුගිය සතිය අවසන් වනවිට ඩොලර් මිලියන 988ක සංවර්ධන බැදුම්කර නිකුත්කරමින් ලංකා රජය විදේශ ණය ලබාගත්තේය. මෙය ‍රුපියල් මිලියන එකලක්ෂ තිස්දහසක් (රු.මි. 130,000) ඉක්මවන ණය මුදලක්ය. දේශීය වශයෙන්ද භාණ්ඩාගාර බිල්පත් මගින් මේ සතිය තුළ රුපියල් මිලියන වි‍සිදෙදාහක (රු.මි. 22,000) කෙටිකාලීන ණයක් ලබාගෙන තිබිණ.

මේ සියලු කාරණා මගින් පෙන්නුම් කරන්නේ රජය දැඩි මුල්‍ය අර්බුදයක සිටින බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්