තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත මුළු ආදායම රුපියල් බිලියන තුනයි දශම දෙක[ 3.2 ] – දක්වා 27% කින් පහළගොස් ඇත. මෙහෙයුම් වියදම රුපියල් බිලියන හතයි දශම හත දක්වා [7.7] වර්ධනය වීම නිසා මෙම අලාභය සිදුවී ඇතැයි වාර්තා වේ. මේ අනුව
වසර දෙසීයකට අධික ඉතිහාසක් ඇති තැපැල් දෙපාර්තමේන්තුව 2011 වසරේදී රුපියල් කෝටි 4600ක වාර්තාගත මෙහෙයුම් අලාභයක් ලබා තිබේ. මෙම අලාභය තැපැල් ඉතිහාසයේ ලැබූ ඉහළම මෙහෙයුම් අලාභය වේ.









