නේපාලයට ජාතික ශෝක කාලයක්! මිය ගිය ගණන 4500 ඉක්මවයි

වසර 80කට පසු නේපාලයට බලපෑ දරුණුතම භූ කම්පනය හේතුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. නේපාල අග්‍රාමාත්‍ය සුෂිල් කොයිරාළ මහතා මේ පිළිබඳව නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වනවිට භූකම්පනයෙන් මිය ගිය අයගේ සිරුරු 4500ද ඉක්මවා සොයා ගෙන ඇති අතර මිය ගිය සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩිවිය හැකි බවට සහන සේවා කටයුතු වල නිරතවන පිරිස් ප්‍රකාශ කර තිබේ.

පසුකම්පන දිගින් දිගටම සිදු වීම හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නේපාලය ලෝක ප්‍රජාවගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ආධාර ඉල්ලා තිබේ.  මේ වනවිට ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් මේ වනවිට නේපාලය වෙත තම සහන කණ්ඩායම් යොදවා තිබේ.

නේපාල අග්‍රමාත්‍යවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ජීවිතක්ෂයට පත්වූවන්, තුවාල ලැබූවන්ට හා අවතැන් වී සිටින ජනතාව වෙත නේපාල රජයේ ශෝකය ප්‍රකාශ කරන බවයි. එසේම නේපාලයේ මිතුරු රාජ්‍යයන්ගේ සහයෝගය තම රට වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එහිදී ප්‍රකාශ කර තිබේ. භූ කම්පනයෙන් දින 4ක් ගතවී ඇතත් තවමත් බොහෝ දුෂ්කර ප්‍රදේශ වෙත සහන කටයතු සඳහා ළඟ වීමේ දුෂ්කරතාවයක් පවතින බව වාර්තා වේ. එසේම විපතට පත් වූවන් මුදා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මෙන්ම සහන සේවා කණ්ඩාම්ද නොමැති වීම හේතුවෙන් මුදා ගැනීමේ කටයුතු අඩපණ වී ඇති බවත් වාර්තා වේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්