විශ්වවිද්‍යාලවලට අය-වැයෙන් වෙන් කළ රු.මි. 4000 රු.මි. 500ට බස්සයි

විශ්වවිද්‍යාලවලට අලුතින් සිසුන් ඇතුලත් කර ගැනීමට පසුගිය අයවැයෙන් රැපියල් මිලියන 4000ක් වෙන්කර තිබියදී මහා භාණ්ඩාගාරය ලබාදෙන්නේ රැපියල් මිලියන 500ක් බව හෙළි වේ. උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මේ බව පවසා තිබේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය රුපියල් මිලියන 3500ක් කපා දමා තිබෙන බව හෙළිවේ. මෙම හෙළිදරව් කිරීමේදී එස්.බී. දිසානායක මහතා මෙම රැපියල් මිලියන 3500 කපා දමන්නේ පී.බී. ජයසුන්දර මහතා බවට චෝදනා එල්ල කොට තිබේ.

මුදල් අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වන අතර ඔහු යටතේ සිටින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පී.බී. ජයසුන්දර මහතායි.

ඇමැතිවරයා මේ ප්‍රකාශය කෙළේ කුලියාපිටියේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්