පාතාල කල්ලි දිස්ත්‍රික්ක 4ක මැතිවරණ ව්‍යාපාරයේ !

කොළඹ ගම්පහ හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රක්ක වල මැතිවරණ ව්‍යාපාරය සඳහා පාතාල සාමාජිකයින් සෘජුව සම්බන්ධ වී සිටින ප්‍රවණතාවක් ඇති බව බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ කොළඹ මීට පෙර එජනිසය වෙනුවෙන් දැවැන්ත කටවුට් ඉදිකිරීමට දායක වු පුද්ගලයින් බල මාරුවෙන් පසු ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ නමගිය දේශපාලකයන් වෙනුවෙන් පාතාල සාමාජිකයින් ගෙන් ගෙට යාම් ආදිය සිදුකරමින් සිටින බවද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. ඔවුන් විශාල වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නීති විරෝධි ප්‍රචාරක කටයුතුවලට උපකාර කරමින් සිටියි.

හම්බන්තොට දීර්ඝකාලයක් තිස්සේ පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු එක් පුද්ගලයෙකු ඝාතනයට පත්වු බවත් තෙන්නකෝන් මහතා කියයි.

එම කණ්ඩායමට විරුද්ධ කණ්ඩායම අනික් දේශපාලන පක්ෂයට එක්වී මැතිවරණ කටයතුවල නිරත වෙමින් සිටින බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

එමෙන්ම හම්බන්තොට සහ මහනුවර ආරක්ෂක සේවා සපයන ආයතන දෙකක හිමිකරුවන් මෙම මැතිවරණයට තරඟ වදිමින් තිබෙන බවත්, ඔවුන් හමුදාවෙන් පැනගිය සහ විවිධ කටයුතුවලට සම්බන්ධ වු පුද්ගලයින් දිර්ඝ කාලයක් පුරා සේවයේ යොදවා ඇති බවත් කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම් අතර ඕනෑම මොහොතක ගැටුමක් ඇතිවීමේ හැකතියාව මෙම මැතිවරණය අවසන් දිනි කිහිපය තුළ පවතින බවත් දේශපාලඥයින්ගේ අනුදැනුම ඇතත් නැතත් මෙම කණ්ඩායම් අතර පවතින් දීර්ඝ කාලීන එදිරිවාදිකම් මෙම ගැටුම්වලට හේතුවිය හැකි බවත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

මේ හේතුවේ මෙම පාතාලයට සම්බන්ධ පුද්ගලයින් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් මේ වන විට මතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අතර කැෆේ සංවිධානයට වාර්තා වී ඇති මැතිවරණ සිදුවීම් ගණන 1223ක් වන අතර එහි වගුව පහතින් දැක් වේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්