බන්දුලගේ කෙරුවාවෙන් තවත් ළමුන් 37ක් අනාත කරලා

මහින්ද චින්තනයට අනුව බන්දුල ගුණවර්ධන මහතාගේ ද්වතීක පාසල් සංකල්පයෙන් විලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ තන්තිරිමළේ වන්නි හැළඹවැව සිරි සඟබෝ විද්‍යාලයේ ළමුන් 37දෙනෙකුට ද්වීතික අධ්‍යාපන වරම අහිමි කර තිබේ.

ද්වතීක පාසල් සංකල්පය අනුව වන්නි හැළඹවැව සිරි සඟබෝ විද්‍යාලය ප්‍රාතමික පාලසක් බවට පත් කළ අතර එහි ද්වතීක පාසල බවට පත් කළ තම්බියාව දර්මපාල විද්‍යාලයට සිරි සඟබෝ විද්‍යායේ සිට කිලෝමීටර් 10ක පමණ දුරක් ගෙවා යාමට සිදුව තිබේ.

විලච්චිය ප්‍රදේශයේ ජනතාව ඉතා දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ගේ ප්‍රධාන ජිවනොපාය වන්නේ හේන්ගොවිතැනයි. ‍මව සහ පියා දෙදෙනාම හේන් ගොවිතැනෙන් ජිවිකාව ගෙන යන අතර ඔවුන්ට තම දරුවන් බොහෝ දුර බැහැර ප්‍රදේශවල පිහිටි පාසල්වලට යැවීම ඉතා දුෂ්කර වී ඇත.

නව පාසලට යාම සඳහා අඩුම තරමේ දිනකට කිලෝමීටර් 30ක් 35ක් දුර ගෙවාදැමීමට ඔවුන්ට සිදුවී තිබේ. ඒම මග ගෙවා දැමීමේ අපහසු තාවය නිසා මේ වනවිට ළමුන් 37 දෙනෙකුට නිශ්චිතවම පාසල් වරම් අහිමිකර තිබේ.

විලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බොහෝමයක මෙම තත්වය දක්නට ලැබෙන අතර ළමුන් 300ක් පමණ අධ්‍යාපනය හැදෑරූ ගාමිණි විද්‍යාලය මේ වනවිට වැසීයාමේ තර්ජනයට මුහුණ දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්