දිනකට ලාංකියන් 37 රහසේම මිය යයි

දියවැඩියාව, රුධිර පීඩනය,පිළිකා ඇතුළු පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරී නොයන රෝගවලින් දිනකට ශ්‍රී ලාංකිකයන් 37ක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.

ප්‍රතිශක්ති කරණය ඇතුළු රෝග වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග පසුගිය කාළයේ දිගින් දිගටම බිදවැටෙමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සංවිධාන විසින් පෙන්වා දී තිබින. එමෙන්ම ‍එම රෝගවලට ලබාදෙන ‍ඖෂධවල ප්‍රමිතිය විශාල වශ‍යෙන් බිදවැටී ඇති බවද පෙන්වාදී තිබින. මෙහි ප්‍රතිපළයක් ලෙස ක්ෂය රෝගය ඇතුළු සම්පූර්ණයෙන්ම මර්ධනය කර තිබූ රෝග ගණනාවක් ද යලි ව්‍යාප්ත විය.

මෙම තත්වය යටතේ වසංගත හෝ බෝ නොවන රෝගවලින් දිනකට 37ක් මිය යාම බරපතල තත්වයක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. වසංගත හෝ බෝ නොවන රෝග නිසාම මෙම රෝගීන් පිළිබදව මහජනතාවගේ ඇත්තේ ඉතාම අඩු අවධානයක් බව හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්