විසිපන් දහසකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවති රාජ්ය විරෝධී උද්ඝෝෂණයකට පොලීසිය පහරදීම නිසා 300ක් පමණ තුවාල ලබා තිබේ. පොලීසිය චෝදනා කරන්නේ උද්ඝෝෂකයන් අතර ත්රස්තවාදීන් සිටි බවත් ඔවුන් අගමැති නිළ නිවසට ඇතුළුවීමට උත්සහ කල නිසා ගැටුම ඇති වූ බවත්ය. අවසානයේ පොලීසිය ගැටුම පාලනය කිරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදාගෙන තිබේ.
විපක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකර සිටීම නිසා පාකිස්ථානය තුල අරාජික තත්වයක් ඇති වී තිබේ. දිගින් දිගටම පාකිස්ථානය තුල පවතින දේශපාලනික අස්ථාවරභාවය නිසා සහ ත්රස්තවාදී ක්රියාකරකම් නිසා ජීවත්වීමට සුදුසු වාතාවරණය නැති වී තිබෙන අතර එම නිසා පාකිස්ථාන් ජාතිකයින් සරණාගතයින් ලෙස ලංකාවට පවා සංක්රමණය වී ඇත.









