ලිබියාවේ ගෝත්රික ගැටුම් හත්වෙනි දිනයටත් වර්ධනය වෙමින් ඇති අතර දින 3ක් තුළ 47තක් මර්නයට පත්වී 100කට වැඩි පිරිසකත් තුවාල ලබා ඇත. පසුගිය ඔක්තොම්බරයේ ගඩාෆි පාලනය බිඳවැටීමත් සමග එරට ගෝත්රික ගැටුම් උත්සන්න විය.
කෆ්රා නම් ප්රදේශයේ හොරබඩු ජාවාරමේ අයිතිය සම්බන්ධව ටුබූ හා සාවයා ගෝත්ර අතර මෙම ගැටුම් හටගෙන ඇත. කෆ්රා ප්රදේශය චැඩ්, ඊජීප්තුව හා සුඩානය යන රටවලට මායිම පිහිටා ඇත. මෙම ගැටුම් වලදී බර අවි සහ සන්නද්ධ රථ පවා යොදාගෙන ඇතියි වාර්තාවේ.
ටුගූ ගෝත්රිකයන් චෝදනා කරන්නේ ඔවුන් ගඩාෆි පාලනය යටතේද වෙනස් සැලකීමටකට භාජනය වූ බවත්, නව ලිබියාවනු පාලය විසින් පවා තම ගෝත්රය සංහාරය කිරීමේ වැඩිපිළිවෙලක් දියත්කොට ඇති බවත්ය.
කෙසේවෙතත් ජූලි 7 දා පැවැත්වෙන ලිබියානු ජාතික සභා මැතිවරණයට මෙම ගෝත්රික ගැටුම් බලපා නැතියිද වාර්තාවේ.










