බැසිල්ගෙන් අදත් පැය 3ක් ප්‍රශ්නකරලා

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (30) යළිත් වරක් පැය 03කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට වාර්ථාවේ.

අද පෙරවරු 10.00ට පමණ කොළඹ ජාතික රෝහලට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙසේ දහවල් 1.30ට පමණ වනතුරු මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ.

පසුගිය 22 වැනිදා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේදී පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කළ අවස්ථාවේ ලබාගත් ප්‍රකාශයට අමතරව අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝව ප්‍රශ්න කළ බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්