ලංවිම 29දා වැඩ වර්ජනයක. ලබන 25 කොළඹදී උද්ඝෝෂණයක්!

විදුලිබල මණ්ඩලයේ සේවකයෝ මැයි 29 වෙනිදා දහවල් 12.00ට සිය සේවාවලින් ඉවත් වී වරුවක වැඩ වර්ජනයකට නිරිත වීමට තීරණය කොට ඇත. කොළඹට රැස්වූ විදුලි වෘත්තීය සමිති 28ක් ඒකාබද්ධව මෙම තීන්දුව ගෙන ඇත. ලංකා විදුලි සේවක සංගමය, ලංවිම ජාතික සේවක සංගමය, ලංවිම පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ සංගමය, ලංවිම කාර්යාල සේවා සංගමය  ඇතුළු ප්‍රබල වෘත්තීය සමිති 28ක් එක්ව මෙම තීන්දුව ගනු ලැබූ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා පැවසීය. වැඩබිම්, බලාගාර, කාර්යාල වසා දමා සියලු සේවකයන් මෙම වරුවක වැඩ වර්ජනයට එක්වන අතර, විදුලි සේවකයොත් සිය සේවා මුරවලින් ද ඉවත් වන බවද ඔහු කීය. විදුලිබල මණ්ඩලයේ සේවකයින් 15000ක් පමණ මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවද ඔහු පවසයි.

රට පුරා සියලු විදුලි සේවකයන් 25දා කොළඹට කැඳවා විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දී දැවැන්ත  උද්ඝෝෂණයක් කරන බවත්, එම උද්ඝෝෂණයෙන් අනතුරුව 29 දා අදාළ එම වරුවක වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

අණ්ඩුව විදුලි බල මණ්ඩලයේ විධායක නිලධාරීන්ට පමණක් අප්‍රේල් 01 දින සිට 45% ක් ඉක්මවා යන වැටුප් වැඩිවීමක් ලබාදී, සෙසු සේවකයන්ට බරපතළ වැටුප් විෂමතාවයක් නිර්මාණය කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයන් ගන්නා බවද ඔහු පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්