කටුවන වෙඩිතැබීමට අදාල සිදුවීමේ ප්රධාන ජූදිතයා වූ ජූලම්පිටියේ අමරේ නැමැත්තා ලබන ජූලි 11 තෙක් රක්ෂිතබන්ධාගතව තැබීමටත් තංල්ලේ වෙඩිතැබීමට අදාලව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමටත් තංගල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
මොහු නීතීඥයෙකු මාර්ගයෙන් ඊයේ (19) දින පෙර පැවති වරෙන්තුවකට අදාලව තංගල්ල මහාධිකරණයට භාරවී තිබූ අතර අද (20) දින ඊට අදාල නඩුව තීබී ඇත.
ලබන 29 වන දින හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා වලස්මුල්ල මහාධිකරණයට ඉදිරිපත්කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝගකර තිබේ.









