උසාවි නියෝගය නොතකමින් කොළඹ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ භික්ෂූන් වහන්සේලා 09 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 10 දෙනෙකු ඇතුළු 27 දෙනකුට අද (08) පෙරවරුවේ කොළඹ මහෙස්ත්රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියෝග ලැබී ඇත.
අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ නොකළ යුතු බවට නියෝගයක් පනවා තිබියදී එය නොසලකා හැර උද්ඝෝෂණයක් පවත්වන ලදැයි කියන සිද්ධියට අදාළව මෙම 27 දෙනාට අධිකරණයේ පෙනී සිටීමට නියෝග නිකුත් කරනු ලැබුවේ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා විසිනි.
එලෙස උසාවියේ පෙනී සිටීමට නියෝග ලැබී ඇත්තේ පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්ය බෙංගමුවේ නාලක හිමි, පූජ්ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි, පූජ්ය විතාරන්දෙණියේ නන්ද හිමි, පූජ්ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි, පූජ්ය බියගම සුසිල හිමි, පූජ්ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, ඩලස් අලහප්පෙරුම, ජානක ප්රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, එස්. එම්. චන්ද්රසේන, වීරකුමාර දිසානායක, ප්රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර, සුනිල් ජයමිණි, උපාලි කොඩිකාර, මධුමාධව අරවින්ද, අජන්ත ලියනගේ යන පිරිසය.









