කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වීම අත්හිටවමින් අධිකරණ නියෝග නිකුත් කර තිබියදී එම අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කළ හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු සන්ධානයේ 27දෙනකුට නොතීසි නිකුත් කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා ඔවුන්ට මැයි 08වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කර තිබේ.
හිටපු ආරෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම කොමිසමට පැමිණෙන හෙයින් ඇතිවිය හැකි කලබල වැළැක්වීමට කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් නියෝගයක් ගෙන තිබිණි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක, ගලගොඩ අත්තේ ඥානසාර, විතාරන්දෙණියේනන්ද, අහුංගල්ලේ ජිනාන්නද, බියගම සුසිල, වටිනාපහ සෝමානන්ද, වෑකන්දේ සද්ධාතිස්ස හිමිවරුද, ඩලස් අලහප්පෙරුම, ජනක ප්රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකුබණ්ඩාර, ගාමිණි ලොකුගේ, බන්ධුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්රෙස්න, වීර කුමාර දිසානායක යන මන්ත්රීවරුද, බස්නාහිර පළාත් මහ ඇමැති ප්රසන්න රණතුංග, පළාත් මන්ත්රී උදය ගම්මන්පිල හා රොජර් සෙනවිරත්න, ජනක් කුමාර, සුනිල් ජයමිණි, උපාලි කොඩිකාර, මධුමාධව අරවින්ද, අජන්ත ලියනගේට නොතීසි නුකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.









