පැය 24ක ජල කප්පාදුවක්

 

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද (28) පෙරවරු 10 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවය.

ඒ අනුව මීගමුව නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන, කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශය, කටුනායක ආයෝජන කලාපය හා කටුනායක ගුවන් හමුදා කඳවුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්