මහින්ද ඇතුළු 24කට රටින් පිටවීම තහනම්

fpmr.jpg - 645.15 Kbතමන් ඇතුළු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුට රටින් පිටවීම තහනම් කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාතර, මාවරල ශ්‍රී  මුත්තු මාරි අම්මාන් දේවාලයේ ඊයේ (27) පැවති දේව පූජාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි පවසා තිබේ.

“අපි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට, බෙදුම්වාදය පරාජය කරන්න විශාල සටනක නියුතු වූවා. අද ඒ ජයග්‍රහණය වැඩිපුරම භුක්ති විඳින්නේ දකුණේ ජනතාවට වඩා උතුරේ දෙමළ ජනතාවයි. මේ අවුරුද්දක කාලය තුළ කිසිම දෙයක් කෙරිලා නැහැ. අපි කරගෙන ආපුවත් අතරමග නතර කරලා තියෙන්නේ. මේ අයවැය ගැනත් කතා කරන්න දෙයක් නැහැ. තව මාස 3ක් යනකොට තේරෙයි බඩුමිල වැඩිවීම කොහොමද කියලා. රජයක් විදියට අනුන්ට වෝදනා කර කර ඉන්න එක නෙමෙයි කරන්න ඕන ජනතාවට සහන සැලැස්වීමයි කළ යුත්තේ” යැයිද ඔහු එහිදී සඳහන් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දේවාල, කෝවිල් සහ පන්සල්වලට යමින් මාධ්‍ය තුළින් අයවැය ගැන සහ බඩුමිල ගැන කතාකළද මෙම අයවැය පරාජයකිරීමට හැකියාව තිබූනේ පාර්ලිමේන්තුවේ අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමෙන් වන අතර ඡන්ද විමසන අවස්ථා දෙකේදීම ඔහු අයවැය මගහැර ගියේය.

එමෙන්ම ඔහුට ඇතැයි පැවසෙන 58ලක්ෂයේ ජනතාව පාරට බස්සවා අයවැයට එරෙහිව හඬක් නැගීමට හෝ ඔහු උත්සායහක් ගත්තේද නැත. ඔහු කළ එකම කාර්යය වූයේ අගමැතිවරයා හමුවී සිය දුක් අඳෝනා කියාපාමින් තමන් හා තම පවුලේ අය හිරේ විලංගුවේ වැටීමට ඇති අවස්ථා මගහරවා ගැනීමට එකඟතා හදාගැනීම සහ ජාතිවාදී ප්‍රකාෂ සිදුකිරීම ය.

මෙවැනි තත්වයක් තුළ උක්ත ප්‍රකාශ සිදු කිරීම රටටත් ජනතාවටත් විහිළු සපයන්නක්ම පමණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්