අද (11) පෙරවරු 12න් අවසන් වූ පැය 24 තුළ සිදු වූ මාරක අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මින් ප්රධාන මාරක අනතුරු තුනක් සිදු වී ඇති අතර ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ගමන්ගත් ඩිෆෙන්ඩර් රථය අනතුරට පත් වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකුද, යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් තිදෙනෙකුද ඊයේ දිනයේ ජීවිතක්ෂයට පත්විය. අද උදෑසන ත්රීරෝද රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම බොහොමයක් අනතුරුවලට හේතු වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බව වාර්තා වේ. මේ වනවිට දිනපතා පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව වාර්තා වේ. අධික රථවාහන තදබදය, මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩු, නොසැලකිලිමත් රිය ධාවනය, ඇතුලු කරුණු මෙම රිය අනතුරු බහුල වීමට බලපා තිබේ.









