අස්වැන් අලෙවි කරගැනීමට නොහැකි වීම නිසා වී ගොවීන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ස්ථාවර නියෝග 23/2 යටතේ ආණ්ඩුවෙන් ප්රශ්න කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා තීරණය කර තිබේ.
ඒ අනුව හෙට රැස්වෙන පාර්ලිමේන්තුවේදී එක් එක් වී ගොවියෙකුගෙන් මිලට ගනු ලබන වී ප්රමාණය ඉහළනැංවීම පිළිබඳව, මිලට ගැනීමේ මධ්යස්ථාන සංඛ්යාව සහ එවායේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව, වී සඳහා වන සහතික මිල නීතිගතකිරීම පිළිබඳව ඇතුළු කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කිරීමට මෙයින් බලාපොරොත්තුවන බව මන්ත්රීවරයා සඳහන් කරයි.
මෙය ස්ථාවර නියෝග 23/2 යටතේ නව පාර්ලිමේන්තුවෙන් නගනු ලබන පළමු ප්රශ්නය වේ.
මේ වනවිටත් විශය භාර ඇමතිවරයෙකු නොමැති බැවින් බොහෝදුරට මේ සඳහා පිළිතුරු ලබාදීමට සිදු වනුයේ අග්රාමාත්යවරයාටය.









