“2019 ජූලි මාසේ දවසක්”

“2019 ජූලි මාසේ දවසක්”

සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන “2019 ජූලි මාසේ දවසක්” එළඹෙන මැයි මස දී රංගගත කිරීමට නියමිත ය.

“දශකයක් තීන්දු කළ වසරක එක්තරා මාසයක සාමාන්‍ය දවසක විය හැකිව තිබූ සිද්ධියක රංගය” ලෙස පූර්විකා ගත කර ඇති එය මැයි සම 07, 08 සහ 09 තෙදින තුළ රාත්‍රී 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ රංගගත වේ.

ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්චි, සමාධි ලක්සිරි, උමයන්ගනා වික්‍රමසිංහ, සම්පත් ජයවීර, නලින් ලුසේනා, ගිහාන් ද චිකේරා සහ අනුක් ප්‍රනාන්දු මෙහි රංගනයෙන් දායක වෙති.

වීරයා මැරිලා, සිහින හොරු අරන්, බකමූණා වීදි බහියි, සිරිවර්ධන පවුල, ආපසු හැරෙන්න බෑ, නැතුව බැරි මිනිහෙක්, හිතල ගත්තු තීරණයක් රාජිත දිසානායක අතින් මීට පෙර නිර්මාණය වූ ප්‍රේක්ෂකාදරය දිනාගත් වේදිකා නිර්මාණ වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්