ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජයවර්ධනගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන චමින්ද පෙරේරා නැමැත්තාගෙන් ඊයේ (19) බරපතල මූල්ය වංචා පිළිබඳ ජනාධිපති කොමිසම ප්රශ්න කර ඇති බව වාර්තා වේ.
රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක අමාත්යංශය මගින් ගෙන්වන ලද ඩයිනමයිට් මෙට්රික් ටොන් 100ක් පමණ විකිණීමේදී සිදුකර ඇති බව පැවසෙන රුපියල් කෝටි 200ක වංචාවක් පිළිබඳව මෙම පුද්ගලයාගෙන් ප්රශ්න කිරීමට කැඳවා තිබේ. මෙම පුද්ගලයා එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්ය විමල් වීරවංසගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බව හෙළිවේ.
චෝදනාවලට ලක්වී සිටින ආරක්ෂක අමාත්යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්තගේ අනු දැනුම මත මෙම ඩයිනමයිට් තොගය ගෙන්වා ඇති අතර එය කිලෝවක් රුපියල් දහසක මිලට විකුණා තිබෙන බව කොමිසම සිදු කළ විමර්ශනවලදී තහවුරු වී තිබේ. මෙම මූල්ය වංචාවට සම්බන්ධ ආරක්ෂක අමාත්යංශයේ හිටපු තවත් ඉහළ පෙළේ බලධාරීන් කිහිප දෙනෙකුද ඉදිරියේදී ජනාධිපති කොමිසම වෙත කැඳවා ප්රශ්න කිරීමට නියමිත බව පැවසේ.









