මිනීමැරීමේ වරදට බෙන් අලිට වසර 20ක්

ප්‍රචණ්ඩ ක්‍රියා සහ මිනීමැරුම් සිදුකිරීමේ වරදට, බලයෙන් පහ කරන ලද ටියුනීසියානු ජනපති බෙන් අලිට වසර 20ක සිර දඩුවමක් නියම වී ඇත.

පසුගිය ජනවාරියේ ජනාධිපතිවරයාගේ ඥාතියෙක් රටින් පළායාම වළක්වාලීමට උත්සාහ දැරූ පුද්ගලයින් සිව් දෙනෙකු වෙඩිතබා මරා දැමීමට අදාල සිදුවීමක්  සඳහා ඔහුට මෙම දඬුවම් හිමිවී තිබේ.

නඩු විභාගය ඔහුගේ සහභාගිත්වයකින් තොරව පැවති අතර දූෂණ, මත්ද්‍රව්‍ය හා ආයුධ ළඟ තබාගැනීම සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඔහුට ‍එරෙහිව  සිරදඬුවම් තීන්දු කිහිපයක් මීට පෙරද ලැබී තිබිණි.

වසර 20ක පාලනයෙන් පසු මහජන කැරලි හමුවේ පසුගිය වසරේ ජනවාරියේ රටින් පළාගිය බෙන් අලි මේ වන විට ‍සෞදි අරාබියේ රැකවරණය ලබයි. ටියුනීසියානු ආණ්ඩුව ඔහු පිටුවහල් කරන ලෙසට කළ ඉල්ලීම මේ දක්වා සෞදිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්