කුඩු කිලෝ 20ක් අම්බලන්ගොඩින් මතුවෙයි

bread_powder-lankatruth.jpg - 67.50 Kbරුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ 20යි ග්‍රෑම් 876ක් පුද්ගලයකු සමග අත්අඩංගුවට ගැනීමට ඊයේ (30) රාත්‍රියේදී අම්බලන්ගොඩ පොලිසිය සමත් වී තිබේ.

34 හැවිරිදි සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පැවසෙන අතර අම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව  අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.  සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්කුඩු තොගය පාර්සල් අටක අසුරා තිබි ඇති අතර ගංජා කිලෝ 01 ග්‍රෑම් 100ක්ද ඔහු සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මූලික විමර්ශනවලින් අනතුරුව සැකකරු අද (31) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්