පාදයේ ආබාධයකට ලක්වී සිටින ශ්රී ලංකා පන්දුවාර විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් කණ්ඩයමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හටම ලබා දීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
පසුගියදා අවසන් වූ නවසීලන්ත තරගාවලියේදී පන්දුවාර විස්සයි 20 කණ්ඩායම මෙහෙයවනු ලැබූවේ උප නායක දිනේෂ් චන්දිමාල් විසිනි. ඔහුටද එම තරගාවලියේදී දක්ෂතා පෙන්වීමට නොහැකිවීමත් සමග නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් වෙතටම ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලසිත් මාලිංගගේ වෛද්ය වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ගන්නා බව ක්රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා ප්රකාශ කර තිබේ. ශ්රී ලංකා කණ්ඩායම තවත් දෙසතියකින් ඉන්දීය කණ්ඩායම හා තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිත බැවින් ඉතා ඉක්මනි න් නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි පැවසේ.









