ලෝක ආර්ථික බුබල හෙවත් දළ ජාතික නිෂ්පාදිතය පදනම් කරගනිමින් කෘත්රිම ලෙස මවන ලද වටිනාකම් (අතත්ය ප්රාග්ධනය) වෙළඳපොළ ගෝලීය ආර්ථිකය මෙන් 20 ගුණයක් බව වාර්තා වේ.
ලෝකයේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් ටි්රලියන 50-60 අතර අගයක් ගන්නා බව සඳහන්ය. එහෙත් කොටස් වෙළඳපොළ ණය ගනුදෙණු ආදී කාල්පනික වටිනාකම් මත 2011 වසරේ නිර්මාණය කරන ලද මූල්ය වෙළඳපොළෙහි වටිනාකම එමෙන් 20 ගුණයවක් හෙවත් ඩොලර් ටි්රලියන 1200ක් හෙවත් කොඩි්රලියන් (Quadrillion) 1.2ක් වන බව ප්රකාශ කර ඇත. මේ බව හෙළිදරව් කර ඇත්තේ ලොව ප්රමුඛපෙළේ ආර්ථික විශේෂඥයකු වන පෝල් විල්මොට් (Paul Wilmot)විසිනි.
මෙම අතත්ය ප්රාග්ධන ගනුදෙණු නියාමනයකට ලක්නොවී ඇති බැවින් ඒ සම්බන්ධ ගිවිසුම්වල විස්තර කිසිවෙකු සතු නොවන බව කියා සිටින විල්මොට් ඒ හේතුවෙන්ම ලෝක ආර්ථිකයට එමගින් ඇති කරන දැවැන්ත අවදානම ගණනය කිරීමට නොහැකි බවද පෙන්වා දෙයි.









