පාර්ලිමේන්තුවේ පොහොට්ටු පක්ෂයේ සහ වෙනත් පක්ෂවල මන්ත්රීවරුන් 134 දෙනෙකු විසින් පත් කර ගන්නා ලද ජනාධිපති රනිල් වික්රමසිංහ 1972 ආණඩුක්රම ව්යවස්ථාවද යොදා ගෙන ප්රබල දේශපාලන තර්ජනයක් එල්ල කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය 03 වෙනිදා “What’s New” යනුවෙන් හඳුන්වන කණ්ඩායමක් ඉදිරියේ කළ ප්රකාශයක් ජනාධිපති මාධ්ය අංශය විසින් නිකුත් කර තිබෙන අතර එම තර්ජනය එහි අන්තර්ගතව තිබේ. එයින් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ යම් පනතක් සම්මත කර ගත් පසු මූලික අයිතිවාසිකම් ලෙස හෝ අර්ථ නිරූපන ලෙස හෝ ප්රශ්න කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ය.
අදාළ ජනාධිපති මාධ්ය නිවේදනයෙන් එම කොටස උපුටා ගෙන පහතින් දැක්වේ.
“මෙම නීති ගෙන ඒම නැවැත්වීමට ඇතැමුන් උත්සාහ කළද පාර්ලිමේන්තුවේදී ඒවා සම්මත කර ගැනීමෙන් පසු එම නීති අහෝසි කිරීමට හෝ වක්රව ක්රියා නොකර සිටීමට කිසිවෙකුට නොහැකි වන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය නිෂ්ඵල කාර්යයක් බවද පැවසීය.
1972 ආණ්ඩුක්රම ව්යාවස්ථාව අනුව බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස අන් තැනක නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ජනාධිපති විධායක බලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙන නමුත් පාර්ලිමේන්තුව සතු බලතල පාර්ලිමේන්තුවටවත් අහෝසි කළ නොහැකි බවද අවධාරණය කළේය.“










